නැමදුම ඔබව පිරිසිදු කරයි
ඔබගේ නිවස අසල ඇලක් තිබී එයින් ඔබ පස්වතාවක් ස්නානය කරන විට ඔබගේ ශරීරය පිරිසිදු වන්නා සේ පස්වේල නමදුමෙන් ඔබගේ සිත පිරිසිදු වන්නේය
මිනිසාගේ මඟ පෙන්වීම සඳහා
මෙලොව ජීවිතය හැඩගස්වා ගත යුත්තේ කෙසේද යන්න මිනිසාට කියා දීමට අල්ලාහ් මුහම්මද් තුමාට අණාවරනය කළ පුස්තකය අල් කුර්ආනයයි
සමානාත්මතාවය
සුදු ජාතිකයා කලු ජාතිකයාට වඩා උසස් වන්නේවත් කළු ජාතිකයා සුදු ජාතිකයාට වගා උසස් වන්නේවත් නැත.
මිනිසා අල්ලාහ්ගේ ගැත්තාය
කිසිඳු උස් පහත් භේදයකින් තොරව සුදු ඇඳුමින් සැරසී උරට උර ගැටී සමඟිය හා සමානාත්ප්මතාවය ප්සරයෝගිකව විදහා පාන දේව බැතිමතුන්
ඉස්ලාම් ධර්මය ක්‍රමවත්ව ඉගෙන ගැනීමට ඔබ කැමතියිද?
මුස්ලිම් හා මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ මූලික කරුණු ඉතා සරළව හා ක්‍රමවත්ව ඉගෙන ගැනීම සඳහා මෙම වෙබ් අඩෙවිය හරහා ඉදිරිපත් කරනු ලැබ ඇති ඉස්ලාම් සහතිකපත්‍ර පාඨමාලාව ඉතා ප්‍රයෝජනවත් වේ.
1 වන පාඩම - ඉස්ලාම් හැඳින්වීම
මෙම විශ්වය බිහිවූයේ කෙසේද? මා කවරෙක්ද? මා පැමිණියේ කුමන ස්ථානයේ සිටද? මාගේ අවසානය කුමක්ද? මාගේ දිවියේ අරමුණ කුමක්ද යනාදී ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සොයන ඔබට හමුවූ සත්‍යය ඉස්ලාමයයි.
2 වන පාඩම - සයවැදෑරුම් විශ්වාසයන්
මුස්ලිම්වරයකු අනිවාර්යයෙන්ම පිළිගෙන විශ්වාස කළ යුතු මූලික කරුණු සය වන අල්ලාහ්, සුරදූතයින්, ධර්ම ග්රන්ථ, දේව පණිවුඩකරුවන්, අවසාන දිනය, දෛවය පිළිබඳ තොරතුරු තරමක් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා
3 වන පාඩම - මූලික වගකීම්
මුස්ලිම්වරයකු මත පැවරෙන පස්වැදෑරුම් අනිවාර්යය වගකීම් වන කලිමා නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය, නැමදුම, උපවාස ශීලය, දන් දීම, හජ් කර්තව්‍යය ඉටු කිරීම පිළිබඳ තොරතුරු තරමක් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා
4 වන පාඩම - ජීවන ක්‍රමය
ඉස්ලාමය යනු හුදෙක් පල්ලියට පමණක් සීමා වූ වත්පිළිවත් පවතින ධර්මයක් නොවේ. ඉස්ලාම් ධර්මය තුළ මිනිස් ජීවිතයේ සෑම පැතිකඩකටම අවශ්‍ය මඟ පෙන්වීම් ඇත. එබැවින් ඉස්ලාමය පරිපූර්ණ ජීවනය ක්රමයකි.
5 වන පාඩම - අධ්‍යාත්මිකත්වය
මිනිසාගේ චෛතසිකය මිනිසාගේ බාහිර ක්‍රියාකාරකම් නිර්ණය කරන ප්‍රධාන සාධකය වේ. එබැවින් මෙම චෛතසිකය මනා අයුරින් පාලනය කිරීම අනිවාර්ය දෙයකි. මේ සඳහා වූ ඉස්ලාමීය මඟ පෙන්වීම දැන ගැනීම සඳහා
6 වන පාඩම - කුර්ආන් අධ්‍යයනය
අල්ලාහ් මුහම්මද් තුමාට අනාවරණය කළ දේව ග්‍රන්ථය අල් කුර්ආනයයි. අල් කුර්ආනයේ අන්තර්ගතය මෙන්ම අල් කුර්ආනය හා සබැඳි ඉතිහාසය අධ්‍යයනය කිරීමද ඉතා වැදගත් වේ.
ඔබට සහතිකයක් අවශ්‍යයිද?
ඉහත පාඨමාලාව අධ්‍යයනය කළ ඔබට සහතිකයක් ලාබා දෙන්න අපි සූදානම්. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙම යොමුවට පිවිසෙන්න.